May 20, 2024

මහ මැතිවරණයට වැඩිම ඡන්ද දායකයන් ගම්පහින්

මෙවර මහ මැතිවරණය සඳහා වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දදායකයින්  17,85,964 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය සදහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 18 දෙනෙකු තෝරා පත්කර ගැනීම සිදු කෙරෙන බවත් පසුගිය ජනාධිපතිවරණයට වඩා ඡන්දදායකයින් 34,072 ක් මෙම මැතිවරණයේදී 2019 ඡන්ද හිමි නාම ලේඛණයට අනුව වැඩි වන බවත් මැතිවරණය සම්බන්ධයෙන් කළ විමසිමේදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී , දිසාපති සුනිල් ජයලත් මහතා සදහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාව වන 1,65,257 මහර මැතිවරණ කොට්ඨාසයෙන් වන අතර අඩුම ඡන්දදායකයින් සංඛ්‍යාව වන 96,491 ක්  වනුයේ කැලණිය මැතිවරණ කොට්ඨාසයෙනි.

Rate this item
(0 votes)