May 20, 2024

“මට වඩා සුදුස්සෙක් ඉන්නවා ද“ - ඥානසාර හිමි මැතිවරණයට

තමන්ට පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වන ලෙසට ඉල්ලීම්රාශියක් ලැබී ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන අංශය වෙත තෙවන දිනයටත් ඊයේ (07) ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී ඥානසාර හිමියෝ මෙසේද පැවසූහ.

“ඉල්ලීම් ගොඩක් තිබෙනවා. මට වඩා සුදුස්සෙක් ඉන්නවා ද මේ ඇතිවෙලා තියෙන, විශේෂයෙන්ම ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් සහ සංක්‍රමණික සංස්කෘතික ආක්‍රමණය සම්බන්ධයෙන් කවුරුහරි කතා කරලා තියෙනවද මට වඩා හොඳින්...? මං තරම් බැට කාලා තියෙනවද කවුරුවත් මේවා කතා කරන්න ගිහිල්ලා? මේවා කතා කරන්න අපිට කොතනහරි තැනක් හදලා දීලා තියෙනවද?

ඒක නිසා මේ හිස් මිනිස්සු මැද්දෙ කුමක් හෝ අපිට කරන්න පුළුවන් නම් අපි උත්සාහ කරනවා ඒක කරන්න. හැබැයි ඒක නිකං අයාලේ යන විදිහට නෙවෙයි. ටිකක් වැදගත් විදිහට. ඒ අවස්ථාව අපිට ලැබෙන්නෙ නැත්නම් නිහඬව පාඩුවේ කරන් යන වැඩ ටික කරන්න තමයි අපිට තියෙන්නෙ.“

Rate this item
(0 votes)

Related items