May 12, 2024

සුපිරි දුරකථන මිලදී ගන්න මැති ඇමැතීගේ තරඟයක් - එකක වටිනාකම ලක්ෂය ඉක්මවයි

රජයේ ඉහළ පෙලේ මැති ඇමැතිවරු අතරින් ගණනාවක්ම මේ වනවිට ජනප්‍රිය දුරකථන වර්ගයක අලුත්ම මාදිලියෙන් ජංගම දුරකථන මිලදී ගෙන ඇති බව වාර්තා වේ.

එම දුරකතනයක වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරක් වන බව දැනගන්නට ඇත.  

ඇතැම් අමාත්‍යාංශවලට මැති ඇමැතින් ගණනාවක්ම සිටින අතර එයින් බහුතරයක් මෙම අලුත්ම මාදිලියේ ජංගම දුරකථන මිලදී ගෙන ඇති බව ද වාර්තා වේ.  

ඔවුන් සඳහා ලබා දී ඇති ජංගම දුරකථනවලට අමතරව මෙම අලුත්ම මාදිලියේ දුරකථන මිලදී ගෙන ඇති බව ද ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(1 Vote)