May 18, 2024

ඒකාබද්ධ විපක්ෂය 'අත' ගන්න සූදානම්: මෛත්‍රී සමග ලඟදීම විශේෂ සාකච්ඡාවක්

September 07, 2016

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිවම තරග කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඉදිරි දින කිහිපය ඇතුළත විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට එකතුවන ලෙස කරන ලද විවෘත ආරාධනය සැලකිල්ලට ගනිමින් මෙම මන්ත්‍රීවරුන් පිරිස ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන්නේ නම් එහිදී ක්‍රියාත්මක කළ යුතු විශේෂ වැඩපිළිවෙළක් හා සම්බන්ධ යෝජනාවලියක් ද මෙම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට සාකච්ඡා කරමින් සිටී.

මෙම වැඩපිළිවෙළ මගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වීමකට ඉඩ නොදී රැක ගැනීමද එම මන්ත්‍රීවරුන්ගේ බලා‍පොරොත්තුව වී ඇතැයි වාර්තාවේ.

ඒ අනුව මෙම දිනවලදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු අදාළ කාරණා සම්බන්ධයෙන් විටින් විට සාකච්ඡා පවත්වමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 September 2016 12:13