May 18, 2024

චන්ද්‍රිකා එයි - ශ්‍රීලනිප සැමරුම අරඹයි

September 04, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර සැමරුම් උළෙල කුරුණෑගල මාලිගාපිටියේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වූ අතර පැමිණි පිරිස ආගමික වතාවත් සිදුකරමින් වැඩසටහන ආරම්භ කළහ.

ශ්‍රීලංකා නිදහස් පක්ෂ අනුශාසක හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ රැසක් ඊට එක්ව සිටිති.

‘අද ශ්‍රීලනිපයේ 65 වැනි සංවත්සරය. අවුරුදු 65ක් ගිහින් එය ශක්තිමත් වෙලා අඩුපාඩු හදාගෙන නැවත වතාවක් ශක්තිමත් ගමනක් ඇවිත් තියෙනවා. අද නායකත්වය උරුම විය යුතු පුද්ගලයාට එය ලැබී තිබෙනවා. බණ්ඩාරනායක මහතා මේ පක්ෂය සදාකාලිකව එතුමාගේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ සමග ඉදිරියට යයි කියා සිතන්න ඇති. අද එතුමාගේ සිතුම් පැතුම් ඉටුවෙලා තිබෙනවා. අපේ ජනපති වත්මන් ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපන් දිනයත් පක්ෂය පිහිටවපු දවසේමයි. බණ්ඩාරනායක මැතිතුමා කොහේ හරි ඉඳන් බලන් ඇති අපේ පැලැන්තියේ නොවන දුප්පත් අයගේ පැලැන්තියේ දුක දන්න පුද්ගලයෙක් පක්ෂයෙන් නායකයා වීම ගැන. ඒකට ආශිර්වාද කරනවා ඇති.‘ 

‘හරි පුද්ගලයාගේ අතට පක්ෂය ලැබී තිබෙනවා. අද මේ මාලිගාපිටිය පමණක් නොවෙයි මේ කුරුණෑගල නගරයම හිස් ගොඩක් බවට පත්වෙලා තියෙනවා. මේ පක්ෂයේ වටිනාකම නොදන්නා අයට කියනවා අද ඇවිත් බලන්න පක්ෂය නියම කෙනාගේ අතට ලැබී තිබෙනවා. ඒ නිසා ශ්‍රීලනිපයේ අපි සූදානම් ඕනෑම ගමනකට යන්න. අඩුපාඩු හදාගෙන ඒ ගමන ගිහින් පාක්ෂිකයන් වෙනුවෙන් රටට මේ ජයග්‍රහණය ලබාදෙන්න අපි සූදානම්.‘යැයි කෘෂිකර්ම ඇමැති ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පිළිගැනීමේ කථාව කරමින් පැවසීය.

 

Rate this item
(0 votes)