May 18, 2024

මෛත්‍රීගේ ගම සැමරුමට වැඩ අරඹයි

September 02, 2016

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගයේ රටට බත සපයන ගොවි ජනතාවගේ වැඩිම ජන සහභාගිත්වයක් 65 වන සංවත්සරයට පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් සහභාගී කරවන බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි.

ලබන 04 වැනිදාට පැවැත්වීමට නියමිත ශ්‍රීලනිප 65 වෙනි සංවත්සරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සභාපතිත්වය ලබා නායකත්වය දෙන දෙවන පක්ෂ සංවත්සරය වේ. අන් කවරදාටත් වඩා පොළොන්නරුවේ ජනතාව මෙම සංවත්සරයට සහභාගී වීමට දැඩි උනන්දුවක් දක්වන බව වාර්තා වේ.

ඒ පිළිබඳව මාධ්‍යට කරුණු දැක්වීමට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ මුලිකත්වයෙන් පොළොන්නරුවේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. 

එහිදී අමත්‍යවරයා පැවසූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ සාර්ථකම සංවත්සරය සැමරීමට පොළොන්නරුවේ පාක්ෂිකයින් මෙන්ම සමස්ථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ පාක්ෂිකයින් ඉතා උනන්දුවෙන් සිටින බවයි.

 

Rate this item
(0 votes)