May 18, 2024

ඇමති ලක්ෂ්මන් යාපා ශ්‍රීලනිප මාධ්‍ය හමුව මඟහරී

September 01, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය සැමරීමට දින හතරක් තිබියදී මාතර දිස්ත්‍රික්කයේ ජන සහභාගිත්වය සහ සුදානම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් මේ වනවිට මාතර තානායම හිදී පැවැත්වේ. 

මාතර දිස්ත්‍රික්කයේ සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරු සහභාගී වී මෙම මාධ්‍ය හමුව පවත්වයි.

විශේෂත්වයක් වනුයේ රාජ්‍ය අමාත්‍ය, ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙම මාධ්‍ය සාකච්ඡාවට ඉදිරිපෙළ අසුන් නොගැනීමයි. බොහෝ දෙනෙකුගේ අවධානය මේ වනවිට ඔහුට යොමු වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරයට මාතර දිස්ත්‍රික්කයේ ජන සහභාගිත්වය පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට ලක්ෂ්මන් යාපා අමාත්‍යවරයා පැමිණ සිටි අතර ශාලාවේ වෙනත් ආසනයක සිට සමස්ථ මාධ්‍ය හමුව මෙහෙයවීම සිදු කරනු ලබයි.

පැමිණි මාධ්‍යවේදීන් අමාත්‍යවරයා මාධ්‍ය හමුවට අසුන් නොගැනීම පිලිබඳ ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ මාතර දිස්ත්‍රික්කයේ සංවිධායකවරයා ලෙස සැමවිටම මාගේ දෙවන පෙළ නායකයින් ශක්තිමත් කල යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියට ඒමට ඒ අයටත් අවස්ථාවක් දිය යුතු බවත්ය. 

තවද මාධ්‍ය හමුවේ මුලිකත්වය ගෙන තමා අසුන් ගතහොත් සියලු මාධ්‍ය ආයතන තමාගේ ප්‍රකාශය පමණක් විකාශනය වන බැවින් පක්ෂයේ උන්නතිය ගැන සිතා පෞද්ගලිකත්වය අමතක කොට තවත් නායකයන් රැසක් පක්ෂයෙන් බිහිවිය යුතුයි යන්න තමාගේ බලාපොරොත්තුව බවත් ඒ සමඟම මෙවර පක්ෂ සම්මේලනයට මැයි දිනයට නොදෙවෙනි ජන සහභාගිත්වයක් මාතරින් කුරුණෑගලට සහභාගී කරවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)