May 18, 2024

ජනපති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව හදිසියේ කැඳවයි  

ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද කැඳවා තිබේ.

අද රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේ දී එය පැවැත්වෙන බවට පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභිකයන්ට දැනුම්දීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සම්මේලනය ලබන 4 වැනිදා කුරුණෑගල දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එම සම්මේලනය වර්ජනය කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම්  නියෝජිතයින් ප්‍රකාශ සිදුකරන අතර ඒ පිළිබඳ සහ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ දී අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 August 2016 13:42