May 18, 2024

මහින්ද පිලේ මන්ත්‍රීවරු ශ්‍රීලනිප සමුළුවට නෑ

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කුරුණෑගල පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගි නොවීමට බොහෝදුරට ඉඩ ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරන ආසනවල ආසන බලමණ්ඩල කැඳවා පක්ෂ සම්මේලනයට සහභාගි විය යුතු දැයි පක්ෂ සාමාජිකයින්ගෙන් මේ දිනවල විමසමින් පවතින බවත් මේ වනවිට කැඳවූ ආසන බලමණ්ඩලවල තීරණය වී ඇත්තේ පක්ෂ සම්මේලනයට සහභාගි නොවිය යුතු බවත් ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග පැවසී ය.

 

කැඳවීමට නියමිතව ඇති ආසන බල මණ්ඩලවල සභිකයින් අදහස් දක්වන ආකාරය අනුව එම ආසන බල මණ්ඩලවල තීරණය වනු ඇත්තේද පක්ෂ සම්මේලනය සහභාගි නොවිය යුතු බව යැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)