May 18, 2024

සන්ධානයේ බුලත් කොල සළකුණ ඉවතට?

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී තරග කරන මැතිවරණවලදී සන්ධානයේ සලකුණ ලෙස අත සලකුණ යොදා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇති බව සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) කුරුණෑගල පැවැති පක්ෂ ක්‍රියාකාරී හමුවකදීය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සලකුණ වන අත සලකුණ ඉදිරි මැතිවරණ සඳහා සන්ධානයේ ඡන්ද සලකුණ වශයෙන් යොදා ගැනීමට සන්ධානයේ අනෙකුත් හවුල්කාර පක්ෂ සමග සාකච්ඡා කළ බවත් ඒ සඳහා බහුතරයකගේ කැමැත්ත ලැබුණ බවත් ය.

Rate this item
(0 votes)
Last modified on Friday, 26 August 2016 13:13