May 18, 2024

ඇමති මහින්දගේ ප්‍රකාශයට මන්ත්‍රීවරුන්ගෙන් පිළිතුරක් (VIDEO)

පසුගියදා ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා කර ඇති ප්‍රකාශයට හෝමාගම නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් විරෝධය පළ කරයි.

බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පසුගියදා හෝමාගම නිදහස් පක්ෂ පළාත් පාලන නියෝජිතයින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔවුන් මෙලෙස තම විරෝධය පළ කර සිටියේය.

එහිදී අදහස් දැක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී, නීතීඥ ජනක වැලිවත්ත මහතා කියාසිටියේ මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන පරිදි බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රීලනිපයේ සිටි දූර්වල සංවිධායකයෙක් නොවන බවත් ඔහු එම ධූරයේ සිටි කාලය තුළ පක්ෂය වෙනුවෙන් කැප වී සේවය කළ බවත් 2010 මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලංකාවේ වැඩිම ඡන්ද ගෙන ආ තැනැත්තා වන්නේ ද ඔහු බවත්ය.

වීඩියෝව පහතින්.


Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 August 2016 11:49