May 18, 2024

ජාතිවාදීන් සන්ධානයෙන් ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ජාතිවාදය අවුස්සමින් කටයුතු කරන සියලුදෙනා ඉන් ඉවත් කරන බවත්, නැවත කිසිදු දිනයක එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ජාතිවාදී පක්ෂ සමග සන්ධානගත නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) 'වැවක් සමග ගමක්' සමාජ සංවර්ධන ව්‍යාපෘතියේ පස්වැනි අදියර මන්නාරම ප්‍රදේශයේදී ආරම්භ කරමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ, 2020 වර්ෂය වනතෙක් වත්මන් රජය වෙනස් කිරීමට කිසිවෙකුටත් අවස්ථාවක් නොලැබෙන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටවුවද ව්‍යවස්ථානුකූලව රජය විසුරුවාහැරීමේ බලය හිමිවන්නේ වසර හතර හමාවරකට පසුව බවත් රජය ඉතා ඉක්මනින් පෙරළා දමා පාලන බලය ලබාගන්නා බවට ඇතමුන් පවසන්නේ ව්‍යවස්ථාව පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිකම නිසා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 24 August 2016 08:50