May 18, 2024

පක්ෂයේ විනය කැඩූ මන්ත්‍රීවරු මෛත්‍රීගෙන් සමාව ඉල්ලයි

පක්ෂ විනය කඩකළ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඇතැම්  සමාජිකයන් මේවනවිට සමාව ඉල්ලා ලිපි යොමුකර ඇති බවත් ඇතැමුන් ජනාධිපතිවරයා හමුවී සමාව අයැද සිටි බවත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

එබැවින් පක්ෂය සම්බන්ධ තීරණ ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කරන බවත් මහින්ද පාර්ශ්වයේ බොහෝමයක් මේවනවිටත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාකර පක්ෂය සමග සිටින බවට පොරොන්දු වී ඇතැයිද අමාත්‍යවරයා පැවසී ය.

කෙසේවෙතත් ඉදිරියේදී තම පක්ෂය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කරන බවද ඒකාබද්ධ විපක්ෂයේ තවත් දෙදෙනෙකු තමාට කතා කළ බවත් හෙතෙම සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.

 

Rate this item
(1 Vote)