May 18, 2024

ශ්‍රීලනිපයේ බෙදීමක් - ඇමති නිමල් අභියෝග ගැන හෙළිකරයි (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සභාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් එම නිල සභාපතිවරයා යටතේ පවත්වන්නේ එක් නිල සංවත්සරයක් පමණක් බවත් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 07වනදා බදුල්ල දිස්ත්‍රික් ශ්‍රිලනිප ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමිනි.

පක්ෂය තුළ මේ වනවිට විශාල බෙදීමක් ඇති වී තිබෙන බවත් එය පක්ෂයකට ස්වාභාවික කාරණයක් බවත්, එසේවුවත් පක්ෂයක් ලෙස කුමනාකාරයේ පරිත්‍යාගයක් සිදුකර හෝ ශ්‍රිලනිපය සමඟි කළයුතු බවත් ඒ මහතා කියාසිටියේය. 

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,"  අපේ නිල සංවත්සරේට ජනාධිපතිවරයා ඇතුළු සියළු දෙනාට ආරාධනා කරනවා. ඒ නිසා ඕන කෙනෙකුට සංවත්සරයට එන්න පුළුවන්. මේක මේ කණ්ඩායමක සංවත්සරයක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල සංවත්සර උත්සවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකරාශි කරන්න ඕන කියලා හිතනවා නම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණඩුවක් පිහිටුවන්න ඕන කියලා හිතනවා නම් අපි පක්ෂ සංවත්සරය සාර්ථක කරගෙන පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න ඕන. ඒකට අභියෝග තියෙනවා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ඹයේ සමහර බෙදීම් පෙන්නුම් කරනවා. අපේ දේශපාලන ඉතිහාසයට ඒක නුහුරු දෙයක් නෙවෙයි. නමුත් අපි ඒවා නැති කරගෙන පක්ෂය ඒකරාශි කරගෙන යන්න ඕනි"යි පැවසීය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 August 2016 11:48