May 18, 2024

ශ්‍රීලනිපයේ තවත් පිරිසකට වැඩවරදි - විමර්ශන කඩිනම් කරයි

පක්ෂ නායකත්වය සහ පක්ෂය විවේචනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසකට එරෙහිව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විශේෂයෙන් ඔවුන් විවිධ ස්ථානවලදී සිදු කළ ප්‍රකාශ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් මෙම විමර්ශන සඳහා ගුවන් විදුලි, රූපවාහිනී සහ පුවත්පත්වල පළ වූ වාර්තා උපයෝගී කර ගැනීමට සූදානම් බවත් වාර්තා වේ.

පක්ෂය විවේචනය කිරීමේ චෝදනා මත පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පක්ෂ සාමාජිකත්වය පසුගියදා අත්හිටුවීමට තීරණය කළේය.

ඒ අනුව මෙම සිද්ධියෙන් අනතුරුව වැඩි අවධානයක් යොමු කරමින් ඒ පිළිබඳව  කටයුතු කරන බව දේශාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම විමර්ශනවල අවසන් වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමට සැළසුම් කර ඇති අතර ජනාධිපතිවරයා විසින් ඊට සුදුසු ක්‍රියාමාර්ග ඉදිරියේදී ගනු ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)