May 19, 2024

'පොලිස්පතිගේ නීතිය නැගෙනහිරට, උතුරට ක්‍රියාත්මක කරන්න' - ඥානසාර හිමි

පොලිස්පතිවරයා දකුණේ ජනතාවට දාන නීතිය නැගෙනහිර ජනතාවට දාන්නේ නැත්තේ ඇයිදැයි බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රශ්න කළහ.

උන්වහන්සේ මේ බව පැවසූයේ ඊයේ (02) කිරුළපන දී පැවැති මාධ්‍ය හමුවකදී ය.

‘විග්නේෂ්වරන් හා ටීඑන්ඒ ජාතිවාදී ක්‍රියා නිසා උතුරේ සිංහල ජනතාව අසීරුතාවයට පත්වෙලා. අස්ගිරිය හාමුදුරුවෝ මේක බෞද්ධ රටක් කියද්දී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර කියනවා මේක බහු ආගමික රටක් කියලා‘ යැයි ද ඒ හිමියෝ කීහ.

“සින්නවන් ඇතුළු කොටි කල්ලියේ සිංහලයන් බියවැද්දීම ඇතුළු ක්‍රියාකාරකම් නතර කරන්න වහාම මැදිහත්වෙන් කියලා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මාමඩුව පොලීසියේ පැමිණිලි තියෙනවා. මාමඩුව කියන්නේ ලංකාවේ ගමක්නේ.“ යැයි උන්වහන්සේ සඳහන් කළහ.

Rate this item
(0 votes)