May 18, 2024

'පාද යාත්‍රාවට රජයෙන් බලපෑමක් නෑ - සම්පූර්ණ ආරක්ෂාව ලබාදෙනවා'

මේ වනවිට කොළඹට ළඟාවෙමින් ඇති ජන සටන පාද යාත්‍රාවට කිසිදු බලපෑමක් රජයෙන් සිදු නොවන බවත් ඔවුන්ට අවශ්‍යය සම්පූර්ණ ආරක්ෂාව ලබාදීමට ආරක්ෂක අංශ කටයුතු කරන බවත් සමාජ සුබසාධන හා සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බී දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (01) ජන සටන පාද යාත්‍රාව කොළඹට ළඟා වූ පසු රජයෙන් ප්‍රහාරයක් එල්ල කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමිනි.  

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "පාද යාත්‍රාවට ප්‍රහාරයක් කෙහෙන් හරි එනවානම් අපි සම්පූර්ණ ආරක්ෂාව දෙන්න කියලා තියෙන්නේ. ඒ කට්ටියට බොහෝම හොඳින් අපි ආරාධනා කරන්නේ හොඳට පාර හදලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා යාපනය දක්වා  ඒ පැත්තටත් යන්න කියලා. නොනවත්වා යන්න කියලයි අපි කියන්නේ. අපි කිසිම කරදරයක් කරන්නේ නෑ"යි කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාද යාත්‍රාවේ යන්නවුන් සිදුකරන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම බවත් එලෙස පක්ෂය දෙකඩ කරන්නන්ට තවදුරටත් පක්ෂය තුළ සිටීමට ඉඩ නොදෙන බවත් හැකි ඉක්මනින් ශ්‍රිලනිපය ප්‍රතිසංවිධානය කරන බවත්ය. 

මහනුවර - කමල් සුරවීර

Rate this item
(0 votes)
Last modified on Monday, 01 August 2016 15:40