May 14, 2024

සහය දෙන්න මහින්ද සූදානම්: මහින්දගේ කතාවට පක්ෂ - විපක්ෂ ප්‍රසාදය

ආපදා තත්ත්වය සම්බන්ධයෙන් කිසිම කෙනෙකුට ඇඟිල්ල දිගුරකිමින් දේශපාලනය කිරීම සුදුසු නති බවත් මේ විපත්වලින් වැඩියෙන්ම පහර වැදුණේ දරුවන්ට බවත් මේ අවස්ථාවේදී ලබාදිය යුතු සහාය ලබාදනෙ බවත් හිටපු ජනාධිපති, කුරණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

අපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ගෙනා සභාව කල්තබන අවස්ථවේ යෝජනාවේ විවාදයට අඳහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසී ය.  

එහිදී හිටපු ජනපතිවරයා මෙසේද පැවසී ය.

“මේ ඛේදවාචකය දැන් අවසානයි. අපි කිසිම කෙනෙකුට මේ පිළිබඳ ඇඟිල්ල දිගුරකිමින් දේශපාලනය කිරීම සුදුසු නැහැ කියායි මා විශ්වාස කරන්නේ. මේ විපතට පත් ජනතාවට සහන ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතුයි. පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම අපි සියළුදෙනාටම තිබෙනවා. මේ ගංවතුරෙන් හා නායයෑමේ මියගිය අයගේ පවුල් ආරක්ෂා කරන්න කටයුතු කළ යුතුයි. මේ විපත්වලින් වැඩියෙන්ම පහර වැදුණේ දරුවන්ට. දරුවන්ගේ පාසල් පොත් නැහැ. බෑග් නැහැ‍. නිවාස න්වත ලබාදීම පිළිබඳව අවධනය යොමු කළ යුතුයි. මේ විපතට ජනමාධ්‍ය ඉදිරිපත් වෙලා කළ සේවය අපි ඇගයිය යුතුයි. අපෙන් මේ අවස්ථාවේදී ලබාදිය යුතු සහාය ලබාදනෙවා“ යැයි ද මහින්ද රාජපක්ෂ මහතා පැවසී ය.

ගංවතුර හා නායයෑමේ සිද්ධිය සම්බන්ධව මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී සිය කතාව කළ පසුව ආණ්‌ඩු පක්‍ෂයේ සිටි එජාප මන්ත්‍රීවරු කිහිපදෙනෙක්‌ ද සිය මේස මතට තට්‌ටු කරමින් ප්‍රසාදය පළ කළහ.

පක්‍ෂ, පාට භේද නොසලකා විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා විපක්‍ෂයේ ද සහයෝගය ලබා දෙන බවට මහින්ද රාජපක්‍ෂ මහතා කළ කතාවට පැහැදුණු මෙම එජාප මන්ත්‍රීවරුන් එසේ ප්‍රසාදය පළ කරද්දී විපක්‍ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරු ද මේස මතට තට්‌ටු කරමින් ප්‍රසාදය පළ කළහ.

මේ අවස්‌ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද සිය අසුනට වී සිටියේය.

මහින්ද රාජපක්‍ෂ මහතා සිය කතාවේදී ඊට පෙර කතා කළ අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කරුණු ද අගය කළේය.

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 26 May 2016 09:46