ඉකුත් මැතිවරණවල දී එම තත්ත්වය දක්නට ලැබුණ බවත් මෙවර වැඩි වශයෙන් එය දක්නට ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.
විශේෂයෙන් තැපැල් ඡන්දය භාවිත කිරීමේ කාල සීමාව ළංවීමත් සමග එම තත්ත්වය වැඩි ව ඇතැයි ද නිරීක්ෂණ කණ්ඩායම් පවසති.
එබැවින් එම තත්ත්වය වළක්වාලීම සඳහා මැදිහත්වන ලෙස මැතිවරණ කොමාරිස්වරයාට පැමිණිලි කිරීමට ද එම සංවිධාන තීරණය කර ඇත.
ඒ තත්ත්වය පිළිබඳ පැෆරල් සංවිධානය මීට පෙර පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද ලිඛිත ව දැනුම් දී තිබේ.