May 03, 2024

දුම්රිය ගමන යථා තත්ත්වයට

රාගම දුම්රිය ස්ථානයේ ජල ගැලීම නිසා සිදුවූ දුම්රිය ප්‍රමාදය මේවන විට යථා තත්ත්වය පත් කර ඇති බවත් ඒ නිසා දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙන බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්කඳු කඩා වැටීම නිසා කොළඹ සිට බදුල්ල දක්වා ගමන් ගන්නා දුම්රිය බණ්ඩාරවෙල දක්වා පමණක් ගමන් ගන්නා බව ද පාලක මැදිරිය සඳහන් කළේ ය.  

ඊයේ (02) අලුයම කාලයේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රාගම දුම්රිය ස්ථානය ජලයෙන් යටවීම හේතුවෙන් දුම්රිය ගමන් ප්‍රමාද වූ අතර නමුත් දුම්රිය අවලංගුවීම් සිදු නොවුණු බවද පාලක මැදිරිය වැඩිදුරටත් ප්‍රකාශ කරයි. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 June 2014 08:06