දඹුල්ල නගරයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 08 කට ආසන්න මුදලක් අද (13) පෙරවරුවේ කොල්ලකා තිබේ.
මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙකු බැංකුව වෙත පැමිණ අත්බෝම්බයක් පෙන්වා බිය කර මෙලෙස මුදල් පැහැරගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.
කොල්ලකරු මුදල් සමග බැංකු සේවකයෙකු ද පැහැරගෙන මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා ඔහු එහි නංවාගෙන ගොස් තිබේ.
අනතුරු ව එම බැංකු සේවකයා අතරමග ස්ථානයක දමා ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.