May 19, 2024

(UPDATE) හම්බන්තොට නොසන්සුන්තාවයෙන් පොලීසියේ තිදෙනෙක් රෝහලේ  

හම්බන්තොට අද (12) පැවති උද්ඝෝෂණයක් අතරතුර දී ඇති වූ නොසන්සුකාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වනවිට එම ප්‍රදේශයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර එහි තත්ත්වය සාමකාමී බව අප වාර්තාකරු පවසයි.

එම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු හා සාමාන්‍ය වැසියන් තිදෙනෙකු තුවාල ලබා හම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පානීය ජල ගැටලුවක් මුල් කර ගනිමින් තිස්ස - මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් බඳගිරිය ගම්වැසියන් කළ විරෝධතාවක් මැඩ පැවැත්වීමට පොලීසිය මැදිහත්වීම හේතුවෙන් එලෙස උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

හම්බන්තොට - රාහුල් සමන්ත 

Rate this item
(0 votes)