May 20, 2024

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළුවට ලංකාවෙන් මන්ත්‍රී කණ්ඩායමක් 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාගේ නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 133 වැනි සමුළුව සඳහා සහභාගීවීමට  නියමිතයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය ද සහභාගී වේ. සෙසු සාමාජිකයින් ලෙස රංජිත් අලුවිහාරේ, බිමල් රත්නායක සහ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා යන මහත්ම මහත්මීන් සහභාගීවීමට නියමිතයි.

නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය සහ ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන්වන සාකච්ඡාවට සහභාගී වේ.

මෙම අන්තර් පාර්ලිමේන්තු සමුළුව ඔක්තෝබර් 17 වැනි දා සිට 21 වැනි දා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත් වේ.

 

Rate this item
(0 votes)