May 20, 2024

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් උපවාසයක් අරඹයි

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් මේ වනවිට ආහාර වර්ජනයක නිරතවන බව වාර්තාවේ. 

මැගසින් බන්ධනාගාරයේ සිටින රැඳවියන් 100 ක් පමණ අද පෙරවරුවේ සිට මෙම වර්ජනයට එක්ව ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසී ය.

උපවාසයේ නිරතව සිටින පිරිස සමග සාකච්ඡා කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයා එම ස්ථානයට ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳී කටයුතු කළ බව කියන ද්‍රවිඩ රැඳවියන් පිරිසක් මැගසීන් බන්ධනාගාරයේ මෙලෙස උපවාසයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)