May 20, 2024

දරුවන් වඩාගෙන සොරකමේ ගිය අම්මලා කොටුවෙයි

එකම පවුලේ මවක් දියණියන් දෙදෙනාත් දරුවන් තිදෙනෙකු ද සමගින් වෙළෙඳසැල්වලින් රන් භාණ්ඩ සොරා ගන්නා ජාවාරමක් හෙළි කර ගැනීමට ඊයේ (11) දඹුල්ල පොලීසියට හැකි වී තිබේ.

මවක් ඇයගේ දියණියන් දෙදෙනා සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

දඹුල්ලේ රන් භාණ්ඩ අලෙවි සැළකින් ලැබුණු දුරකතන ඇමතුමක් අනුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා පොලිස් කණ්ඩායමක් යවා රුපියල් ලක්ෂයක් පමණ වටිනා සොරකම් කළ රන් වළල්ලක් ද අත්අඩංගුවට ගෙන ඇත.

එම දියණියන් දෙදෙනාගේ දරුවන් තිදෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇත. දඹුල්ල නගරයේ රන් භාණ්ඩ අලෙවි සැළකට එන මෙම කණ්ඩායම වෙළෙඳසැල් සේවකයන් වෙහෙසවා රහසිගත ව රන් භාණ්ඩ සඟවාගෙන පිටව ගොස් තිබේ. අනතුරු ව සී.සී.ටී.වී කැමරාවේ සටහන් වූ දර්ශන පොලීසියට භාර දී තිබේ.

එම සොර කණ්ඩායම මොරටුව ප්‍රදේශයේ පදිංචි පිරිසක් බවත් ඔවුන් එවැනි සොරකම් රැසකට සම්බන්ධ බවත් දඹුල්ල පොලීසිය පවසයි.

කාංචන කුමාර ආරියදාස

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2015 12:07