May 20, 2024

අභිරහසක් වූ පුංචි සඳරුවන්ගේ මරණය (VIDEO)

හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 09ක පිරිමි දරුවෙකු අභිරහස් ලෙස මියගොස් තිබේ.

සඳරුවන් ගමගේ නමැති මෙම දරුවාගේ නිවස අසල කජු ගසක මළ සිරුර එල්ලෙමින් තිබූ අතර ඔහු සිය දිවි නසාගන්නට ඇතැයි ප්‍රථමයෙන් සැක කළ නමුත් සිරුර අසළ වැටී තිබූ ලේ පැල්ලම් කිහිපයක් නිසා මෙය ඝාතනයක් දැයි සැක පහල වී ඇත.

මෙම දරුවාගේ පවුල දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වී ඇති අතර මීට දින කිහිපයකට පෙර ඔහුගේ මව නිවස හැර ගොස් තිබේ. ඉන් පසු නිවසේ ජීවත් වී ඇත්තේ සඳරුවන්, ඔහුගේ සහෝදරිය සහ පියා පමණි.

මීට පෙර සඳරුවන්ගේ සහෝදරියක් ද නිවස තුළ ගෙළ වැලලාගෙන සිය දිවි නසාගෙන මිය ගොස් තිබේ.

අඟුරුවාතොට පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(2 votes)