May 20, 2024

ඥානසාර හිමිට වරෙන්තු 

නඩු විභාගයක් සඳහා පෙනී නොසිටීම හේතුවෙන් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර  හිමියන් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(12) වරෙන්තු නිකුත් කළේය.

ශුද්ධ වූ කුරාණයට අපහාස කිරීම හා ජාතික බලසේනාවේ මාධ්‍ය සාකච්ඡාවකට කඩාපැන එයට බාධා කිරීම උන්වහන්සේ ඇතුළු පිරිසට එරෙහි චෝදනා ඉදිරිපත් වී තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනුකර ඇති අතර අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ ඊට පෙනී නොසිටීමේ චෝදනාව මත  අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ වීඩියෝ පට මොරටුව සරසවියට යොමුකර ඇති නමුත් මෙතෙක් ඊට අදාළ වාර්තාව ලැබී නැති බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පැවසීය.

කොටුව මහේස්ත්‍රාත්වරයා එම නඩු විභාගය නොවැම්බර් 9 වැනිදාට කල්තැබීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2015 09:46