May 20, 2024

අලුගෝසු තනතුරට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට

පුරප්පාඩුව පවතින බන්ධනාගාරයේ අලුගෝසු තනතුර හෙවත් වධක තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනෙකු බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට (13) පැවැත්වෙන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

වධක තනතුරු දෙක සඳහා ඉල්ලුම්පත් 24 ක් ලැබී ඇති බවත් බඳවා ගන්නා පුද්ගලයින් දෙදෙනාට අදාළ රාජකාරිය පිළිබඳ සති 03 ක පුහුණුවක් ලබාදෙන බවත් හෙතෙම පැවසී ය.

වධක තනතුර සඳහා මීට පෙර කාන්තාවන් දෙදෙනෙකු ද අයැදුම්පත් යොමුකර තිබුණ ද මෙවර ඉදිරිපත් වී ඇති අයදුම්පත් සියල්ල පිරිමි පුද්ගලයින්ගේ බව වාර්තා වේ.

බඳවා ගන්නා වධකයින් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයේ සේවයට යොදවන බව පුෂ්පකුමාර මහතා පැවසී ය.

හෙට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගන්නා වධකයන් දෙදෙනා විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට නියමිතයි.

 

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 12 October 2015 09:20