May 20, 2024

පාසල් පන්ති කාමරයක සිසුන් 35කට සීමා කෙරේ

පාසල් පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව 40 සිට 35 දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව වසරකට එක් සිසුවා බැගින් වසර 5ක් තුළ ළමුන් 5 දෙනෙකු පන්තියකින් අඩුකිරිමට සැලසුම් කර ඇති බව අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්. බන්දුසේන මහතා පැවසී ය.

සිසුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු රැසක් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගන්නා බව ලේකම්වරයා සඳහන් කළේ ය.

ඒ අනුව, ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයකට අනුව ඉදිරියේදී ළමයින් සඳහා පන්ති කාමරවල ඉඩ පහසුකම් සැලසීමට නියමිත ය.

මේ අතර මීට පෙර පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේදී එක් පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 35 ක උපරිමයට යටත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිරණය නියෝග කළේය.

Rate this item
(0 votes)