May 20, 2024

කොමිෂන් සභා 6ක සාමාජිකයින් තෝරා ගැනීම සිවිල් නියෝජිතයින්ගේ නිර්දේශයට 

ස්වාධීන කොමිෂන් සභා සඳහා ඉදිරිපත්වූ නාම යෝජනා 441 ක් අතුරින් සුදුස්සන් තෝරා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් සිදු කරන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

කොමිෂන් සභා 4 ක් සඳහා ව්‍යවස්ථා සභාවෙන් නිර්දේශ කළ සාමාජිකයන්ගේ නම් කථානායකවරයා ජනාධිපතිවරයා වෙත 09 වැනිදා  යොමු කර ඇත.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, රාජ්‍ය සේවා කොමිසම සහ ජාතික පොලිස් කොමිසම සඳහා සාමාජිකයින් 09 වැනිදා රැස් වූ ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ කරනු ලැබී ය.

ඇතැම් අයදුම්පත් අදාළ කොමිසන් සභාවේ නම ඉලක්ක කර ගනිමින් ඉදිරිපත්කර ඇති බව මහ ලේකම්වරයා පැවසී ය.

ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් වන රධිකා කුමාරස්වාමි, ආචාර්ය ඒ.ටී.ආරියරත්න සහ ශිබ්ලි අසීස් යන සාමාජිකයින් විසින් නිර්දේශ කොට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට අනුමැතිය ලබාදීම ව්‍යවස්ථා සභාව මගින් සිදු කෙරෙන බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

ප්‍රසම්පාදන, මුදල්, සීමා නිර්ණය, විගණන හා මැතිවරණ යන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් නිර්දේශ කිරිමට නියමිත ය.

Rate this item
(0 votes)