May 20, 2024

ස්ථාන මාරු ගැන මහ බැංකුව කරුණු පහදයි

මහ බැංකුවේ මධ්‍ය වාර්ෂික ස්ථාන මාරු කිරීම් වසර කිහිපයක සිට වාර්ෂිකව සිදුකෙරෙන නිත්‍ය වැඩපිළිවෙළක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෑතකදී සිදුකරන ලද මහ බැංකු සේවක ස්ථාන මාරු කිරීම් සම්බන්ධ මාධ්‍ය වාර්තා කිහිපයක් පිළිබඳ අවධානයට ලක් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කර ඇත.

ස්ථාන මාරුවීමක් මගින් සේවකයෙකු හට විවිධ ක්ෂේත්‍ර හරහා පැතිරුණු මහ බැංකු ක්‍රියාකාරකම් පිළිබඳව අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව ද මහ බැංකුව පෙන්වා දෙයි.

ඒ අනුව පශ්චාත් උපාධි පාඨමාලා ඇතුළුව විවිධ ආකාරයේ දේශීය හා විදේශීය පුහුණු අවස්ථා ලබාදීමට අමතරව, සේවකයන්ගේ රාජකාරී කටයුතු මාරු කිරීම මගින් සේවකයන්ට මහ බැංකු කටයුතු පිළිබඳව වඩාත් පුළුල් පරාසයක අත්දැකීම් ලබාගැනීමට හැකි වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)