May 20, 2024

DSI කර්මාන්ත ශාලාව ගිනිගනී (PHOTOS)

අද (10) උදෑසන ගාල්ල, හබරාදූව බෝගහගොඩ පිහිටි DSI පාවහන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ගින්නක් හටගත් අතර ඉන් කර්මාන්තශාලා ගබඩාවේ තිබූ සපත්තු නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් විනාශ වී ගබඩා පරිශ‍්‍රයට ද හානි සිදුවී ඇති බව වාර්තා වේ.

අළුයම 06.30ට පමණ කර්මාන්ත ශාලාවෙන් විශාල දුමාරයක් පිටවෙනු දැක අසල් වාසීන් විසින් ගින්න නිවීමට පියවර ගෙන තිබේ.

පසුව ගාල්ල නගර සභාවේ ගිනි නිවන රථ ද එම ස්ථානයට පැමිණ ඇති අතර පැය එකහමාරකට පමණ පසු ගින්න පාලනය කිරීමට හැකියාව ලැබී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබන අතර ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැත.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 10 October 2015 15:24