May 20, 2024

රටින් ගෙන් වූ සහල් ටොන් ගණනක් ගන්න කිසිවෙක් නෑ!

පසුගිය රජය මගින් ගෙන් වූ සහල් මෙටි‍්‍රක් ටොන් 120,000 ක් පමණ ගැනුම්කරුවන් නොමැතිවීම හේතුවෙන් අලෙවි කර ගැනීම ගැටළුවක් වී ඇති බව ලක් සතොස සභාපති ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක මහතා පවසයි.

ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ආනයනය කර ඇති මෙම සහල් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 9000කට අධික බව වාර්තා වේ.

මෙම සහල් තොගයෙන් මෙටි‍්‍රක් ටොන් 75,000ක් පමණ ගබඩාවල ඇති අතර, තවත් මෙටි‍්‍රක් ටොන් 20,000ක් පමණ තවමත් වරායේ ඇති බව ලක් සතොස සභාපතිවරයා පැවසී ය.

රාජ්‍ය බැංකු මගින් නිකුත් කළ ණය ප්‍රතිපාදන යටතේ ආනයනය කර ඇති මෙම සහල් තොග අලෙවි කර ගැනීම සඳහා ටෙන්ඩර් කැදවීමේ දී ඉදිරිපත් වූ මිල ගණන් පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ලක් සතොස සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)