May 20, 2024

වැඩි ලකුණු ගත් ළමුන් අසමත් කරලා - ගුරු සංගමයෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් සමත් ලකුණු තීරණය කිරීමේදී සියළු දිස්ත්‍රික්කවල එය ඉහළ අගයක් වීම නිසා බොහෝ දිස්ත්‍රික්ක තුළ ලකුණු 150 ට වඩා ලකුණු ලබාගත් දරුවන් පවා ශිෂ්‍යත්වය අසමත් ගණයට වැටීම හේතුවෙන් මෙම විභාගයේදී සැළකිය යුතු ඉහළ ලකුණු ලබාගත් දරුවන් බරපතළ මානසික බිඳ වැටීමකට ලක්ව සිටින බව ජාතික ගුරු සේවා සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් යුතුව අත්සනින් යුතුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත යවන ලද ලිපියකින් මේ බව දන්වා ඇත.

අවම වශයෙන් ශිෂ්‍යත්ව ලාභීන් සංඛ්‍යාව 25000 දක්වා හෝ ඉහළ දමන ලෙසත්, මේ වනවිට පවතින ජීවන වියදම අනුව රු 1500/- ක ශිෂ්‍යාධාර මුදලද ප්‍රමාණවත් නොවන බැවින් එය අවම වශයෙන් රු 2000/- දක්වා ඉහළ දමන ලෙස ද එම සංගමය ඉල්ලා සිටියි.

සම්පූර්ණ ලිපිය පහතින්.

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 10 October 2015 12:58