May 20, 2024

පියාගේ රථයට යට වී දියණිය මිය යයි

කල්මුණේ - කල්මූණකුඩි ප්‍රදේශයේ නිවසක පියෙකු තම මෝටර් රථය ගරාජය තුළට ඇතුළු කිරීමේ දී එහි ගැටුණු 08 හැවිරිදි ඔහුගේ දියණිය මරණයට පත් ව තිබේ.

ඊයේ (09) රාත්‍රීයේ මෙම අනතුර සිදු වී ඇති අතර තුවාල ලැබූ දැරිය කල්මුණේ අෂ්රොෆ් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මිය ගොස් ඇත.

දැරියගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද (11) පැවැත්වීමට නියමිතයි. රථය පැද වූ පුද්ගලයා ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.

Rate this item
(1 Vote)