May 15, 2024

ග්‍රයින්ඩර් තලයක් හිසේ වැදීමෙන් හමුදා සෙබලෙකු මිය යයි

September 15, 2015

යාපනය, වැල්වැටිතුරෙයි, ඌරික්කාඩු ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරෙහි රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබලෙකු ග්‍රයින්ඩර් තලයක් හිසේ වැදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරු ව ඊයේ (14) මරණයට පත් ව තිබේ.

මාවතගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සෙබලෙකු මෙලෙස මරනයට පත් ව තිබේ.

ඔහු ග්‍රයින්ඩරයක් ආධාරයෙන් බැරලයක් කපමින් සිටිය දී එක වරම එම තලය ගැල වී හිසේ වැදීමෙන් බරපතල තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු මරණයට පත් ව ඇති බව වැල්වැටිතුරෙයි පොලීසිය පවසයි.

මිය ගිය යුද හමුදා සෙබලාගේ මෘත ශරීරය මේ වනවිට යාපනය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (15) සිදු කිරීමට නියමිතයි.

වන්නි රොමේෂ් මධූෂංඛ

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 September 2015 11:14