May 15, 2024

බදුල්ලේ වෙඩි තැබීමක්

September 15, 2015

යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් බදුල්ලේ ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඔහු සන්තකයේ වූ රුපියල් ලක්ෂ 20 ක් පමණ වටිනා චෙක්පත්, මුදල් හා ලැප්ටොප් පරිගණකයක් කොල්ල කා පළා ගොස් ඇති බව බදුල්ල පොලීසිය පවසයි.

ඊයේ (14) රාත්‍රී 09.30 ට පමණ ඔහු සිය ව්‍යාපාරික ස්ථානය වසාදමා රාත්‍රී 09.45ට පමණ බදුල්ල ගඟබඩ මාර්ගයේ පිහිටි සිය නිවසට ළඟා වී යතුරුපැදියෙන් බැස ගේට්ටුව විවෘත කිරීමට උත්සාහ කරනවාත් සමගම යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් වෙඩිතබා මුදල්, චෙක්පත් හා ලැප්ටොප් පරිගණකය කොල්ලකා ඔවුන් පැමිණි යතුරු පැදියෙන්ම පළා ගොස් තිබේ.

මෙලෙස වෙඩි වැදි තුවාල ලබා ඇත්තේ බදුල්ල ගඟබඩ මාර්ගයේ පදිංචි මොහොමඩ් මුබාරක් මොහොමඩ් ෆයිරැස්ක් නමැති 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

වම් කකුලකට වෙඩි වැදි තුවාල සිදු වූ ව්‍යාපාරිකයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරු ව සැත්කමකට භාජනය කර තිබේ.

කොල්ල කෑ මුදල් ප්‍රමාණය කෙතෙක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බදුල්ල පොලීසිය විසින් සිදු කරයි.

බදුල්ල - පාලිත ආරියවංශ 

 

Rate this item
(0 votes)