May 14, 2024

මොණරාගල සෙංගමාලය සීඝ්‍රයෙන් හිස ඔසවයි

September 15, 2015

මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සෙංගමාල රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බව වාර්තා වේ.

මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, මොණරාගල ජී. ලෝන් කන්ද ජල ව්‍යාපෘතියෙන් සපයන ජලයට අසුචී මිශ්‍ර වීම බවයි සඳහන් වන්නේ.

මොණරාගල ප්‍රාදේශීය සභාව මගින් ජලය බෙදාහර ඇත්තේ, ක්ලෝරීන්කරණයෙන් තොරව බවට තොරතුරු අනාවරණවී ඇතැයි ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසා ඇති අතර එහි ලේකම් අනිල් විජේසිරි මහතා ප්‍රකාශ කොට ඇත්තේ අදාළ ජල සාම්පල මේ වන විට පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව ය.

මේ අතර මොණරාගල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත අධිකාරී මහතා සඳහන් සඳහන් කර ඇත්තේ, පසුගිය 7 වන දා සිට අද දක්වා සෙංගමාලය වැළඳුන රෝගීන් 88 දෙනෙකු ප්‍රතිකාර සඳහා මොණරාගල රෝහලට ඇතුළත්ව ඇති බව ය.

Rate this item
(0 votes)