May 14, 2024

මනාප අහිමි වූ හැටි බන්දුල කියයි 

September 14, 2015

පසුගිය මහ මැතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ තමාට මනාප ලක්ෂයක් පමණ අහිමිවීමට ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සිදු කළ අසත්‍ය ප්‍රකාශයක් හේතු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (14) නාරාහේන්පිට, අභයාරාමයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ඉදිකිරීමේ දී කෝටි ගණනින් මුදල් වංචා කර ඇති බවට ජයසිංහ මහතා ගෙන ගිය ප්‍රචාර හේතුවෙන් මෙම මනාප ප්‍රමාණය අහිමි වී ගිය බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Rate this item
(1 Vote)