May 14, 2024

කිත්සිරි කහටපිටිය ඇප මත නිදහස්

September 14, 2015

ව්‍යාජ බලපත්‍ර සහිතව අලි පැටියකු ළඟ තබා සිට බන්ධනාගාරගත ව සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හා එජාප පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස හොරණ මහේස්ත්‍රාත් ලෝචනී වීරසේකර මහත්මිය නියෝග කළා ය.

ඇපකරුවන් රජයේ සේවකයින් විය යුතු බවත් විදේශ ගමන් තහනම් කර විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණයට භාරදෙන ලෙසත් සෑම මසකම අවසන් ඉරුදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසත් ඔහුට නියෝග කර තිබේ.

 

Rate this item
(1 Vote)