May 14, 2024

විදේශ ඇමති මංගල ජිනීවා සමුළුව අමතයි 

September 14, 2015

ගිය රජයේ ප්‍රකාශ හා පොරොන්දු ගැන නොව නව රජය කියන දේ විශ්වාස කරන්නැයි ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට සම්බන්ධ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව විදේශ ඇමැති මංගල සමරවීර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය අමතමන් අද (14) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීයැයි කියන ප්‍රශ්නයට විසඳුම දේශපාලන විසඳුමක් බවත් දෙපැත්තේම පිරිස් එක්ව නව රජය විශ්වාසයට ගෙන ඒ සඳහා බියෙන් හෝ සැකයෙන් තොරව සහාය දැක්විය යුතු බවත් හෙතෙම සඳහන් කර තිබේ.

‘අප විශ්වාසයට ගන්න. අද තියෙන්නේ අලුත් රජයක්. මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ රජය. මානව හිමිකම් සම්බන්ධයෙන් නව රජය ගෙන යන වැඩ පිළිවෙළට මෙරට හා පිටරට සහාය අවැසියි.‘ යැයිද අමාත්‍යවරයා පැවසී ය.

සැමට සාධාරණ හා යුක්තිය ඉෂ්ඨ කිරීමට ශ්‍රී ලංකාවේ නව රජය ඇප කැපවී සිටින බව ද වගවීමේ ක්‍රියාවලිය සඳහා වූ පියවර ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුකූලව ක්‍රියාත්මක කරන බවත් දේශපාලන විසදුමක් සඳහා වූ ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවත් සමරවීර මහතා පැවසී ය.

නව රජය මැද මාවතේ ගමන් කරන ආණ්ඩුවක් බවත් නව ව්‍යවස්ථාවක් සකසන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

 

Rate this item
(1 Vote)