May 15, 2024

'ශ්‍රී ලංකාව පිලිබඳ බරපතල කරුණු අනාවරණය වී තිබෙනවා' - ජගත් මානව හිමිකම් කොමසාරිස්

September 14, 2015

ශ්‍රී ලංකාව තුල සිදු වුන යුද්ධයේ අවසන් භාගයේදී සිදුවී ඇතැයි කියන යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී ඇති වාර්තාව 'ඉතාම බරපතල කරුණු' මත පදනම් වී ඇතැයි එම කවුන්සිලයේ ප්‍රධානී සෙයිඩ් බින් රාද් කුමරා ප්‍රකාශ කර සිටියි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මංගල සැසිය අමතමින් මේ ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මානව හිමිකම් කඩවීම් සම්බන්ධව පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය තුල පවතින කැපවීම අගය කරන බවද ඔහු පවසා සිටියේ ය. කෙසේ නමුත් එම සිද්ධීන් සඳහා වන පරීක්ෂණ විධිමත් හා විනිවිද භාවයකින් යුතුව සිදු විය යුතු බව ඔහු ප්‍රකාශ කෙළේය.

Rate this item
(1 Vote)