May 15, 2024

ආරක්ෂාව ගැන නව ආරක්ෂක ලේකම් කතා කරයි (VIDEO)

අපට හැම වෙලාවකදීම යම්කිසි තර්ජනයක් ඇතැයි කියා සිතා හැමවිටම ආරක්ෂාව තර කිරීම් කරන බවත් ආරක්ෂාව යනු ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කිරීම පමණක් ‍නොව එය ඉතාමත් පළල් ගැඹුරු දෙයක් බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (13) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

යමෙක් නිශ්ශබ්දව සිටීමේ දී ඔවුන් සංවිධානයවනු යැයි සිතා අපි ඔවුනට වඩා ඉදිරියෙන් සිටීමට බලන බවත් ආරක්ෂක ලේකම්වරයා එහි දී පැවසී ය.

එසේ ම හෙට්ටිආරච්චි මහතා අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

වීඩියෝ - ලංකාදීප

Rate this item
(1 Vote)