May 16, 2024

අගමැති ඉන්දියාවට

September 14, 2015

ඉන්දිය සංචාරය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගියේය.

ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද පස්වරු 2.20ට අගමැතිවරයා ඇතුළු පිරිස පිටත් ගොස් තිබේ.

අගමැතිවරයා සමග 16 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක්ද දින දෙකක ඉන්දිය සංචාරය සඳහා එක්ව තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනයකට අනුව රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරත වන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය  ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකරන පළමු විදේශ සංචාරය මෙය වේ.

සිය සංචාරය තුළ දී රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝදී, විදේශ අමාත්‍ය  සුෂ්මා ස්වරාජ් ඇතුළු එරට රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

කටුනායක - ටී.කේ.ජී කපිල

Rate this item
(0 votes)