May 15, 2024

'සෙනෙහස' ළමා නිවාසයේ චෝදනා ගැන යුධ හමුදාව පරීක්ෂණ අරඹයි

September 14, 2015

යුධ හමුදාව විසින් පවත්වාගෙන යන සෙනෙහස ළමා නිවාසය වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

මේ අතර යුද හමුදාපති මේජර් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අදාල අංශ වෙත පරික්ෂණයක් සිදු කරන ලෙස නියෝග කර ඇති බවත් එම සිද්ධිය පිළිබඳ අධ්‍යනයක්ද සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් යුධ හමුදාවේ පවුල් වල මන්ද මානසික දරුවන් රැක බලා ගැනිම සඳහා මෙම ආයතනය පිහි‍ටුවා ඇති අතර මේ වන තෙක් එම ආයතනයට චෝදනා එල්ලවී නොමැත. 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 14 September 2015 14:43