May 15, 2024

කොටදෙණියාව දැරිය අපයෝජනය කර ඝාතනය කරලා - පොලීසිය 

September 14, 2015

කොටදෙණියාව ප්‍රදේශයේ අතුරදන් ව සිටි දැරියගේ සිරුර සොයා ගත් අතර ඇයගේ මරණය ඝාතනයක් බවත් ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවත් අනාවරණ වී තිබේ.

මීගමුව දිසා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මෙම කරුණු හෙළි වී ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

රෙදි පටියකින් දැරියගේ ගෙළ සිර කර ඝාතනය සිදු කර ඇති බව එම පරීක්ෂණයේ දී අනාවරණය වී ඇති බව හෙතෙම ප්‍රකාශ කළේ ය.

ඝාතනය සම්බන්ධයෙන් අදාළ දැරියගේ පියාගෙන් සහ සීයාගෙන් මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී ප්‍රශ්න කර තිබේ.

මෙම ඝාතනයට සම්බන්ධ අපරාධකරුවන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ සිදු කරයි.

 

Rate this item
(2 votes)