May 16, 2024

ගල්කිස්සේ තරුණියක් අතුරුදන් 

September 14, 2015

රාත්‍රියේ නින්දට ගිය තම දියණිය පසුදා එළි වනවිට ඇයගේ නිදන කාමරයේ නොමැති බව පවසමින් ලක්මි රැජිණිකා නමැති තරුණියගේ දෙමව්පියන් අද (14) ගල්කිස්ස පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

අංක 247, සෝමානන්ද මාවත, දෙහිවල ගල්කිස්ස යන ලිපිනයේ පදිංචි 19 හැවිරිදි ආර්ඒ ලක්මි රැජිණිකා නමැති තරුණිය මෙලෙස අතුරුදන් වී ඇත.

ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඇය පැහැරගෙන යන්නට ඇතැයි දෙමව්පියන් සැක කරන බව පැමිණිල්ලේ සඳහන් වේ.  මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස පොලීසිය විසින් සිදු කරයි.

මොරටුව - ඉන්දික මනෝජ් 

Rate this item
(2 votes)
Last modified on Monday, 14 September 2015 12:58