May 15, 2024

වයඹට නව ඇමැතිවරු දිවුරුම් දෙයි - මහ ඇමැතිට අධ්‍යාපනය විෂය නෑ 

September 14, 2015

වයඹ පළාත් සභාව සඳහා නව අමාත්‍යවරුන් සිව් දෙනෙකු අද(14) දිවුරුම්දී තිබේ.

වසර 30ක් තිස්සේ වයඹ මහ ඇමැති යටතේ තිබූ අධ්‍යාපන ඇමැති ධුරය සන්ධ්‍යකුමාර් රාජපක්ෂ මහතාට හිමි විය.

ඒ අනුව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා වයඹ පළාත්  මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා,  නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, ආර්ථික ප්‍රවර්ධන, විදුලි බල හා බලශක්ති, පරිසර කටයුතු, ජලසම්පාදන හා ජලාපවාහන සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

ගුණදාස දෙහිගම මහතා වයඹ පළාත් මාර්ග, ප්‍රවාහන, සමූපකාර සංවර්ධන හා වෙළද, නිවාස හා ඉදිකිරීම්, කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී ඇත. සමන්ත කුමාර රාජපක්ෂ මහතා දිවුරුම්දී ඇත්තේ වයඹ පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රිඩා හා යෞවුන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යවරයා ලෙසයි.

ලක්ෂ්මන් හරිස්චන්ද්‍ර මහතා සෞඛ්‍ය දේශීය වෛද්‍ය, සමාජ සුභ සාධන, පරිවාස හා ළමා රක්ෂක සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී ඇත.

කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය හා ගොවිජන සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇත්තේ සුමල් තිසේරා මහතායි.

Rate this item
(0 votes)