April 29, 2024

වන අලියෙක් නිසා ත්‍රීරෝද රථයක් පෙරළෙයි (VIDEO) 

හම්බන්තොට - මත්තල ප්‍රධාන මාර්ගයේ අද (11) පෙරවරුවේ ගමන් ගත් ත්‍රීරෝද රථයකට මත්තල 03 කණුව, කෑලියපුර ප්‍රදේශයේ දී වන අලියෙකු පහර දීමට පැමිණ තිබේ.

දරුවෙකු ළදරු පාසල වෙත රැගෙන යමින් සිටි ත්‍රිරෝද රථයකට මෙලෙස වන අලියා පහර දීමට පැමිණ තිබේ. කුඩා දරුවෙකු සමග තවත් පුද්ගලයින් දෙදෙනෙක් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ අතර ඔවුන් සියලු දෙනා එමගින් තුවාල ලබා ඇත.

අලියා පැමිණෙනු දුටු ත්‍රිරෝද රථ රියැදුරා මාර්ගයේ අනෙක් පසට යෑමට තැත් කිරීමේ දී ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර පසුව වන අලියා ත්‍රිරෝද රථයට පහර දීමට පැමිණ තිබේ.

එම වන අලි ප්‍රහාරය වැළක්වීමට මාර්ගයේ ගමන් ගත් වැලි ටිපර් රථ 02ක රියැදුරන් දෙදෙනෙකු සමත් වී ඇත.

වයස අවුරුදු 04ක දරුවා, ඔහුගේ පියා සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් අනෙක් පුද්ගලයා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වන අලියා මීට කලක සිට මෙම ප්‍රදේශයේ සැරිසරමින් මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට පහරදීමට තැත් කිරීම හේතුවෙන් මෙම ප්‍රදේශය අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(0 votes)