April 29, 2024

සිවාජිලිංගම්ගේ මතය ගැන ඇමති මනෝ කතා කරයි

September 11, 2015

මෙරට යුද්ධයේ දී සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා දෙමළ ජාතික සන්ධානය ආරම්භ කළ පා ගමන ඊයේ (10) අලිමංකඩට ළඟා විය. 

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු සහ නැගෙනහිර තවත් දේශපාලන සංවිධාන කිහිපයක් ඒකාබද්ධව මෙම පා ගමන සංවිධානය කර ඇති අතර දින 05 ක් පුරා කිළිනොච්චියේ සිට යාපනය දක්වා ගමන් කිරීමට නියමිතයි. එය අද (11) අලිමංකඩ සිට නැවතත් ගමන් ආරම්භ කරයි.

එම්.කේ. සිවාජිලිංගම් මහතාගේ මෙම ප්‍රකාශය පෞද්ගලික මතයක් මිස දෙමළ ජාතික සන්ධානයේ මතයක් නොවන බව ජාතික සංවාද පිළිබඳ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අස්ගිරි - මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ය.

Rate this item
(2 votes)